සම්පත් මනම්පේරිට අයත් වාහන 3ක් පොලිස් භාරයට

Report

පොලිසිය විසින් රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් සිය භාරයට ගෙන ඇත .

සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ වාහන සොයා ගෙන ඇති බව වාර්තා වේ.

 පසුගියදා සම්පත් මනම්පේරි යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළවයි. 

ඉන් පසුව කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් අවසර ලබා දී තිබේ  .

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි

මෙන්න වැඩක් කුඩු විදුහල්පතිගේ දුරකථනයේ දේශපාලකයෝ සෙට් එකක්ම ඉන්නවලු

මෙන්න වැඩක් කුඩු විදුහල්පතිගේ දුරකථනයේ දේශපාලකයෝ සෙට් එකක්ම ඉන්නවලු