වරෙන්තු පිට ඉන්න ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට

Report

අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් මනුවරණ මහතා අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්ව සිටි බව තොරතුරු වාර්තා වේ.

අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පෙනී නොසිටීම මත ඔහුට මෙම වරෙන්තුව නිකුත් කර ඇති අතර අදාල වරෙන්තු නියෝගය නිකුත් කර සතියකට වඩා කාලයක් ඉක්ම ගොස් ඇති නමුත් මන්ත්‍රීවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් වී නොමැත.

එමෙන්ම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පිවිස අයවැය විවාදයට සහභාගි වන්නේ වන්නේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පසුකරමින් බවද වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි