රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
එම නඩු කටයුත්තට සහභාගීවීම සඳහා මේ වන විට හිටපු මැති ඇමතිවරුන් මෙන්ම නීතීඥයින් රැසක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වේ.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී, ඔහුගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනයට ගොස්, රජයට රු. 100 කෝටි ඉක්මවන පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.
සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 22 සිට 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
නමුත් ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේය.
අනතුරුව නඩුව අගෝස්තු 26 වනදා නැවත කැඳවූ අවස්ථාවේදී, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, සැසි සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්විය. ඒ අනුව, එදින ඔහුට ඇප නියම විය.