නිතරම තේ පානය කරන ඔබට සුදුසු ඖෂධීය පානයන්......
බොහෝ දෙනෙක් තේ පානය කරන්න කැමතියි. ගම්වල මිනිස්සු තුන්පාරකටත් වැඩියෙන් තේ පානය කරනවා . ඉතිං තේ පානයක් වෙනුවට ඖෂධීය වටිනාකමක් අපට ලබා දෙන පානයක් අපට ගත හැකියි. එය අපගේ ශරීර සෞඛ්‍යට එය වැදගත් විය හැකිය. ඒ සදහා සුදුසු පානයන් බොහෝ ඇත. අප භාවිතා කරන විවිධ පානයන් සදහා විවිධ වූ ඖෂධීය වටිනාකම් තිබේ. නමුදු ඔබට යම් රෝගාබාධ ඇත්නම් වෛද්‍ය නිර්දේශ ගෙන පානයන් ගැනීම සුදුසු වේ.
අපි බලමු ඔබ බොන තේ පානය කරන ඔයාට ඖෂධීය වටිනාකමක් එක්කරන පානයක් සකස ගන්නේ කොහොමද කියලා
උළු හාල් තේ ශරීරයට සෞඛ්‍ය බෙහෙවින් හිත කරයි . උළුහාල්වලට වතුර කෝප්ප 2ක් දමා විනාඩි 10ක් හොඳට තම්බා ගන ඉන්පසු එය පෙරාගෙන, නිවෙන්න තබා මී පැණි දමා බීමට ගන්න. එයින් ඔබේ ශරීර ශරීරයේ බර අඩු කරයි. ඒ වගේම දියවැඩියාව රෝගීන්ට එය වඩාත් ගුණදායී වේ. තවද ඔබ චර්ම රෝග වලින් පෙළෙනවානම් මෙම පානය වඩාත් සුදුසුය. සම ගැන හිතන ඔබට සුදුසු වේ. මක් නිසාද මෙම පානයෙන් ඔබේ සම පැහැපත් කරයි. ඔබ සන්ධි වේදානාවෙන් පෙළෙන අයෙක් නම් සංධි වේදනාව අඩු කරයි.
මුරුංගා කොළ තේ ගුණ පිරුණු පානයකි. මුරුංගා කොළ සෝදා මද පවනේ දවස් 4-5ක් වේළාගෙන ඉන්පසු සිහින්ව කුඩු කර මේ මුරුංගා කුඩු තේ හැඳි 2ක් දමා ඊට උණුවතුර කෝප්ප 2ක් එක්කර විනාඩි 5ක් පමණ තැම්බෙන්න තබා පෙරා බීමට ගන්න මෙම පානය ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. ඒ වගේම බොහෝ දෙනෙක් භය රෝගී තත්වයක් වන පිළිකා අවදානම අඩු කරයි. වකුගඩු පිරිසිදු කරනු ලබයි.ඒ වගේම ඔබේ රුධිරය පිරිසිදු කාරන්නට හේතුවේ. ඒ වගේම තරබාරු බව අඩු කරගැනීමටත් මෙම පානය සුදුසුය.
සේර තේ බොහෝ ඖෂධීය වටිනාකමක් සහිත පානයකි. සේර කොළ ටිකක් කපා සෝදා මද අව්වේ වේළ ග ඉන් පසුව කොළ ටික වතුරේ තම්බා ගන පානය කළ හැකිය. ඒවගේම පොඩි සැර ගතියක් ඇති නිසා ඔබට අවශ්‍ය නම් සිනී භාවිත කළ හැකිය. එමගින් ඔබේ සමට සහ හිසකෙස්වල ඉහළ සුවයක් ලබා දෙයි. බොහෝ කොලෙස්ටරෝල් රෝගීන්ට වඩා සුදුසුය. ශරීරයේ විෂ, අහිතකර මේද ඉවත් කිරීමට මෙම පානය හේතුවක් වේ. ඒ වගේම රුධිර පීඩනය අඩු කරනු ලබයි.
හීන් බෝවිටියා තේ ඔබ වැඩිය භාවිතා නොකරන ඖෂධීය පානයකි. එය වියළි හීන් බෝවිටියා කොළ හෝ මල් මිටක් වතුරේ දමා විනාඩි 10ක් පමණ තම්බා ගන සකසා ගත හැකිය. මෙම පානය දිනකට 1-2 වතාවක් පානය කිරීමට හැකිය. මෙම හීන් බෝවිටියා පානය ආහාර දිරවීමේ සෞඛ්‍යයට සහය වේ. ඒ වගේම ස්වසන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට භාවිත කළ හැකිය. ඔබ විශේෂයෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇදුම වැනි ශ්වසන රෝග පෙලෙන කෙනෙකනම් වඩාත් ගුණ දායක වේ. මෙම පානය ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හේතුවක් වේ. එය ආසාදන හා රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කිරීමට උදව් කරයි .
සමන්පිච්ච තේ ඔබ නිතර අසා නැති පානයකි .සමන්පිච්ච මල් කිහිපයක් මද පවනේ වේළා ගන ඉන් පසුව එය හොඳින් උතුරා ගත් ජලයට දමා ඊට තේ කොළ ස්වල්පයක් ද එකතුකර විනාඩි පහක් පමණ තැම්බෙන්නට තබා අවශ්‍ය නම් සීනි ස්වල්පයක් ද දමා පානයට ගත හැකිය. මෙම පානය කොලෙස්ටරෝල් රෝගීන්ට ගුණ පානයකි. ඒ වගේම නහර සහ ධමනිවල ප්‍රදාහය අඩු කිරීමට වඩාත් යෝග්‍ය පානයකි. ඒ වගේම බර අඩු කර ගැනීමට උපකාරී වේ .