හෙද විදුහල් වලට හෙද ආචාර්යවරුන් බදවා ගැනීම කඩිනමින්

Report

විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙරට හෙද විදුහල්වල සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙසයි.

‍හෙද විදුහල් තුළ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395ක් බවත්, මේ වන විට සිටින්නේ 220කට ආසන්න පිරිසක් බවත් තවත් හෙද ආචාර්යවරුන් 175 දෙනෙකුගේ අවශ්‍යතාවයක් පවතින බවත් වාර්තා වේ.

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරම්භ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙසයි.

විද්‍යාපීඨ සදහා සිසුන් බදවා ගැනීම ආරම්භයි - අයදුම්පත් භාරගනී

විද්‍යාපීඨ සදහා සිසුන් බදවා ගැනීම ආරම්භයි - අයදුම්පත් භාරගනී