පිය-පුතු දෙදෙනෙක් එක්ව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබේ.
ඒ ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමිනි.
මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (50) හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් (17) නම් පිය-පුතු යුගලයයි.
ඔවුන් මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව අද (8) දිනයේ පැවති තරගයේ දීය.
මෙම තරගාවලිය පවත්වන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදීය.
කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ ක්‍රීඩකයන්ට කඩුලු 10ක දැවැන්ත පරාජයක් හිමිවිය.
ඔවුන් පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 62කි. එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඉන්දුනීසියානු කණ්ඩායම සමත් විය.
එහිදී සුහයිල් පියා ලකුණු 14කට දැවී ගියේය. ඒවගේම සුහයිල් පුත්‍රයා එක් ලකුණකට දැවී ගොස් ඇත.