රථ වාහන ලීසිං සදහා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත. එම තීරණයට අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර ඇත.

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

ඒ අනුව පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත. එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර ඇත.

945497620-CBSL-Act-Directions-No-3-of-2025-e-1 by ashfa

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න