අද රාත්‍රී 11.30 වෙනකම් අනතුරු නිවේදන නිකුත් කරයි

Report

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. අද (08) රාත්‍රී 11.30 දක්වා එම නිවේදනය වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව නිවේදනය කර ඇත.

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබේ.  

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය