NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී ඇත.
සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබා දී ඇත.