එප්පාවල විදුහල්පතිවරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදුහල්පතිවරයා සම්බන්ධව තොරතුරු ලැඹුණේ මීන් සතියකට පමණ ඉහත දී එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 30ක පමණ තරුණයෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුවයි.
මෙම තරුණයාගෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී සැකකාර විදුහල්පතිවරයාට අයත් බව කියන එප්පාවල ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා තිබු හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් පොලිසියට සොයාගන්නට හැකිව තිබේ.
ඒවගේම මේ සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී හෝටලය අසල වැවකට විසිකර දැමු මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතින් සිලර් යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකිව තිබේ. තවද මෙම සිදුවීමට අදාළ විදුහල්පතිවරයාගේ පුත්‍රයාද මීට මාසයකට පමණ ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන් බව වාර්තා වෙයි.
මෙ සැකකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍යරවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ඉන් අනතුරුව තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ සැකකාර විදුහල්පතිවරයාගේ බිරිද ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක වන බවයි.