ඇන්ඩෲ කුමරුගේ 'කුමාරයා' පදවිය ගලවයි
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම නිසා ඔහුගේ 'කුමරු' පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවයි. එබැවින් 'කුමාරයා' පදවිය අහිමි වූ ඇන්ඩෘෘ කුමරුට, ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදු වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල වූ බව වාර්තා වේ.
එනිසා මෙම මසදී යෝර්ක් හි ආදිපාද ධුරය හැරීමට ඔහු ක්‍රියා කර තිබෙනවා.
තම තීරණය දැනුම්දෙමින් ඔහු පැවසුවේ තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා නිසා සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බවයි.
එසේම ඉකුත් වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෘෘ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීමත් ඔහුගේ ධුරය අත්හැරීමට තවත් එක් හේතුවක් වූ බවත් සඳහන්.