තෙල් මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ - ඇමති වසන්තගේ කටින් ඇත්තම පනියි
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, ලෝක වෙළඳපොළේ ඇති මිල ඉහළයාම ශ්‍රී ලංකාව පාලනය කළ නොහැකි තත්ත්වයක් බවයි.
මැදපෙරදිග ඇති තත්ත්වය මත තෙල් සහ ගෑස් සැපයුම අඩු වීම නිසා මිල ඉහළ යාමක් ඇතිවන බවත්, දැනටමත් එවැනි ඉහළ යාමක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ, මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන එකක් වන අතර, විශේෂයෙන් නැව් මාර්ග භාවිතයෙන් ආනයන හා අපනයන කරන සියලු රටකට මෙය විශාල ගැටළුවක් බවයි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ,
“මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්. ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ. තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා. ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ.”
යනුවෙනි.