‘ජනතාවට අයිතියක් නෑ… පුරුදු වෙන්න තමා තියෙන්නේ - ලාල්කාන්ත කියයි
විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයකට යම් පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව එහි මිල ගණන් වෙනස් වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ විදුලි ගාස්තු අඩු කළ බවත්, නමුත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත්ය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ජනතාව මෙම තත්ත්වයට හුරු විය යුතු බවත්, විදුලි ගාස්තු අඩු වන විට එයට පුරුදු විය යුතු අතර, ගාස්තු වැඩි වන විට ද ඒ සඳහා හුරුවීම අවශ්‍ය බවත්ය.
මෙරට දේශපාලන සංස්කෘතියේ ගැටලුවක් පවතින බවත්, විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, ගාස්තු වැඩි කිරීමේදී එයින් හැංගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ආකල්ප දෙකම වැරදි බවත්, එවැනි හැසිරීම්වලින් වැළකී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
විදුලි ගාස්තු නැවත අඩු වීමට හෝ වැඩි වීමට ඉඩ ඇති බවත්, එම තත්ත්වයන් දෙකම ජනතාව ලෙස භාර ගනිමින් ඉදිරියට යා යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, රට තුළ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ආර්ථික අභියෝග සහ ඒවාට මුහුණ දීමේදී ජනතාවගෙන් අපේක්ෂිත සහයෝගය පිළිබඳව සාකච්ඡාවට තුඩු දී ඇත.
