මුහුදු වෙරළට යන්න එපා! තද සුළං – රළු වීම් ගැන හදිසි අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට මෙම නිවේදනය බලපායි.

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වේ.

එබැවින්, නාවික හා ධීවර ප්‍රජාවන්ට උපදෙස් දී ඇත්තේ, ඊළඟ දැනුම්දීමක් ලැබෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි.

“මම නෙමෙයි ඒක කළේ ජනාධිපති” – අධිකරණ ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

“මම නෙමෙයි ඒක කළේ ජනාධිපති” – අධිකරණ ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

මෙම රතු නිවේදනය 2025 ජුනි 14 පස්වරු 2:30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න