ඉෂාරා ගැන හරි පොරොත්තුවත්් දන්නවද? එහෙනම් ජැක්පෝට් තෑග්ග ඔයාටයි

By Gagana News Mar 04, 2025 04:09 PM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කෙට්ඨාසය මේ බව දැනුම් දී තිබේ. පසුගිය පෙබරවාරි මස 19 වනදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවකි.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක – අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735 එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.