ජනපති පුත් මනෝජ් රාජපක්ෂගේ ආදරණීය කැදැල්ලේ නත්තල සමරමින් ලබාගත් අලුත් ඡායාරූප පෙළ (PHOTOS)
අපේ රටේ වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ සීයා කෙනෙක් බවට පත්කරමින් එතුමන්ගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය සුන්දර බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ දියණියක් බිහි කරමින් මීට මාස කිහිපයකට පෙර උතුම් මව් පදවිය ලැබුවා කියන්න දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ කිරි සිනහවෙන් හැඩවුණු ආදරණීය කැදැල්ලේ අලුත්ම ඡායාරූප කිහිපයක් මනෝජ් රාජපක්ෂ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එම ආදරණීය සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.
ඉතින් ඒ වගේම නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය එකම පුතනුවන්වන මනෝජ් රාජපක්ෂ මේ වනවිට ආදරණීය බිරිඳ සහ අලුත උපන් දූ සිගිත්තියත් එක්ක ඇමරිකාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ මනෝජ් රාජපක්ෂ සහ සෙව්වන්දි රාජපක්ෂ යුවල 2011 වර්ෂයේදී තමයි විවාහ වුනේ. එම විවාහය කොලඹ හිල්ටන් හෝටලයේදී තමයි සිදුවුනේ.
ඒ වගේම මනෝජ් රාජපක්ෂ මහතා කුඩා කාලයේ සිටම ඇමරිකාවේ අධ්‍යාපනය ලබලා තියෙනවා. රවිද් මධ්‍යම විද්‍යාලයෙන් ප්‍රථම වරට අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපනය කෙරීනා උසස් විද්‍යාලයේදී ලබා ගෙන තියනවා.
ඉතින් දැන් ඔහු ඔහුගේ ආදරණීය පවුල සමඟ ඇමරිකාවේ දිවි ගෙවන නිසා ලංකාවට එන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් ඒ වගේම අලුත උපන් පුංචි සිගිති දියණිය බලන්න ඇයගේ අත්තම්මා, ජනාධිපති ආර්යාව මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගිහින් තිබුන බවත් අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සිය මිණිබිරියව ප්‍රථම වතාවට හුරතල් කිරීමට අවස්ථාවක් පහුගිය දවසක උදා වෙලා තිබුණා.
ඉතින් මේ ආදරණීය සුන්දර කැදැල්ලට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු