රාජ්‍ය වියදම් කප්පාදුව කියලම වාහන 26ක් වෙන්දේසියට
ජනාධිපති ලේකම් කාර්යාලය සතු සුඛෝපභෝගී මෝටර් රථ 17ක් ඇතුළු මෝටර් රථ 26ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීමක් (ටෙන්ඩර්) නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තෙවැනි අදියර යටතේ මෙම වාහන විකිණීම සඳහා ලංසු කැඳවීම සිදු කර ඇත. එහිදී V8 එන්ජින් සහිත Toyota Land Cruiser මෝටර් රථ තුනක් සහ Defender වර්ගයේ ජීප් රථ කිහිපයක් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ 17ක් මෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද රථවාහන 9ක් ද ඇතුළත් වේ.
වත්මන් රජය පත්වීමෙන් පසු මෙය තෙවැනි අවස්ථාව වන අතර, මීට පෙර අවස්ථා දෙකකදී ද ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීම සිදු කෙරිණි.
මහජනතාවට වාහන පරීක්ෂා කර බැලීමට හා ලංසු තැබීමට අවස්ථාව ලැබෙන්නේ ඊයේ (21) සිට පෙබරවාරි 06 වැනිදා දක්වාය. එය කොළඹ 07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවත, අංක 32හි පිහිටි ශ්‍රාවස්ථි මන්දිරයේදී පැවැත්වේ.
ටෙන්ඩර් පත්‍රිකා මිලදී ගැනීමට හැකි වන්නේ පෙබරවාරි 06 වැනිදා දක්වා ජනාධිපති කාර්යාලයේ සෙමා ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ මූල්‍ය අංශයෙනි.
අවසන් ටෙන්ඩර් භාරගැනීමේ දිනය පෙබරවාරි 09 වැනිදා වන අතර, එදිනම ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය රජයේ වියදම් අඩු කිරීමේ හා අනවශ්‍ය සුඛෝපභෝගී වියදම් කපා හැරීමේ කොටසක් ලෙස සැලකේ. මීට පෙර අදියරවලදී ද සුඛෝපභෝගී වාහන කිහිපයක් සාර්ථකව විකිණී ඇති බව වාර්තා වේ.