රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024 Sri Lanka election updates
By krishani Sep 19, 2024 01:51 PM GMT
krishani

krishani

Report

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (19) පැවැත්විණ.

එහිදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියා සිටියේ ය. 

එමෙන්ම, පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍යය වේ.

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..


🔵 කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්

🔵 කිලෝමීටර් 40ත් - 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්

🔵 කිලෝමීටර් 100ත් - 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්

🔵 කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු වේ.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

තව ද, රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කළේ ය. 

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වීඩියෝ දර්ශන - Ada Derana


.