ජනපති අද සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Presidential Update
By Parami Dissanayake Jun 29, 2024 05:45 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණියේ ය.

එහි දී එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයකි.

ඔක්තෝබරයේ පටන් අත්‍යාවශ්‍ය වාහන ගෙන්වීමට අවසර...

ඔක්තෝබරයේ පටන් අත්‍යාවශ්‍ය වාහන ගෙන්වීමට අවසර...

එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික පිරිස් සහභාගී වන අතර පල්ලිය හා අවට පරිශ්‍රයේ රැස් වන ජලය වෙල දක්වා ගෙන යාමට කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 6ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ.

සර්වජන බල වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාවයි...

සර්වජන බල වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාවයි...

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක් ලබාදීමට අදාල චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත බාර දී තිබෙනවා.