හදිසියේම ජනපති බිරිදත් පුද්ගලික වියදමින් ජනාධිපති සමඟ ඇමරිකාවට යයි

America president Ayoma rajapaksha
By Sewvandhi Sep 10, 2021 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියද සිය පෞද්ගලික වියදමින් ජනාධිපතිවරයා සමග අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

අමෙරිකාවේ සිටින සිය පුතා, ලේලිය සහ මිනිපිරිය දැක බලාගැනීම සදහා මෙසේ අයෝමා රාජපක්ෂ මහත්මිය අමෙරිකාව බලා පිටත්ව යනු ඇත. ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීම සදහාය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා ඒ මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.

සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ. ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

You may like this video-:

මෙරට දරුවන් දැඩි අවදානමේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now