ජනපති ඇමරිකාවට හා ජපානයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා එක්වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් වෙත යන ජනාධිපතිවරයා, ඉන් පසුව ජපානයේ රාජ්‍ය සංචාරයකටද එක්වීමට නියමිතය.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වනදා එක්සත් ජනපදය බලා පිටත්ව යන අතර, සැප්තැම්බර් 24 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී, ජනාධිපතිවරයා සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය ඇතුළු අනෙකුත් ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට නියමිතය. මීට අමතරව, මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව වෙනත් ලෝක නායකයන් කිහිප දෙනෙකු ද හමුවීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව අමාත්‍ය හේරත් මහතා පැවසීය.
නිව්යෝක්හි සිට ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වනදා ජපානයේ ඔසාකා නගරය බලා පිටත්ව යනු ඇත. එහිදී ඔහුට 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙම එක්ස්පෝ ප්‍රදර්ශනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුමටද ජනාධිපතිවරයා එක්වන අතර, එහිදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්රවල අද්විතීය දායකත්වයන් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම එක්ස්පෝ ප්‍රදර්ශනයට පසු, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතාගේ ආරාධනයෙන් සැප්තැම්බර් 28 වනදා සිට ජපානයේ රාජ්‍ය සංචාරය ආරම්භ වේ.
ජනාධිපති දිසානායක මහතා සැප්තැම්බර් 29 වනදා අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ සාකච්ඡා පවත්වන අතර, 30 වනදා ජපාන අධිරාජයා වන නරුහිතෝ හමුවීමට නියමිතය.