මැදපෙරදිග අර්බුදය ගැන රජයේ නිල ස්ථාවරය ගැන ජනපති කියයි

Report

මැද පෙරදිග පවතින යුද්ධමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් ඉතා ඉක්මන් කැපවීමක් සහ මඟ පෙන්වීමක් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මැද පෙරදිග යුද්ධමය තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, ඕනෑම යුද්ධ ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවත්, තාක්ෂණික හා යුදමය වශයෙන් විශාල අවි ආයුධ නිර්මාණය වන මෙකල ලෝකයක එය කෙතරම් විනාශකාරීද යන්න පිළිබඳව සියලු දෙනාටම අවබෝධයක් ලැබිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මීට සුළු මොහොතකට පෙර ජනපති පාර්ලිමේන්තුවට - යුධ උණුසුම මැද ලංකාවට වෙන දේ ගැන විශේෂ ප්‍රකාශයක්

මීට සුළු මොහොතකට පෙර ජනපති පාර්ලිමේන්තුවට - යුධ උණුසුම මැද ලංකාවට වෙන දේ ගැන විශේෂ ප්‍රකාශයක්

මෙම යුද්ධමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවත්, එයින් හුදකලාව මිදීමට රටට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බවත්, එය සාක්ෂාත් කරගත හැකි වන්නේ ජාත්‍යන්තර මට්ටමින් සාමකාමී ලෝකයක් සඳහා සිදු කෙරෙන කැපවීම තුළින් පමණක් බවත් අවධාරණය කළේය.

"සමස්ත අර්බුදයේ විසඳුම තනි තනි පුද්ගලයින් අතේ නෑ... සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේ දී ප්‍රධාන වගකීම ආණ්ඩුව සතුයි. ඒ අතර පාර්ලිමේන්තුවේ හැමදෙනාටම අතහැරිය නොහැකි වගකීමක් තියෙනවා. පුරවැසියාටත් යම් සැලකිය යුතු වගකීමක් තියෙනවා. ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ අපි සියලුදෙනා සහ ජනතාවට එක අරමුණක් සහ වැඩිපිළිවෙලක් අනුව මෙයට මුහුණදිය යුතුයි යන්න අපේ යෝජනාවයි."  

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

"අපිට ප්‍රධාන ප්‍රශ්නය තමා ගබඩාවල තිබෙන ධාරිතාව. මාස දෙක තුන තරම් කාලයක් තෙල් ගබඩා කිරීමට ධාරිතාවයක් අපේ ගබඩාවල නෑ. අපේ ගබඩා හැමවෙලේම කරන දේ තමා ඊළඟ නැව එනවිට ඒ තෙල් ගබඩා කිරීමට ගබඩා හිස් කරනවා. ගබඩා පුරවගෙනම ඉන්න බෑ. ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අතහැරියොත් කෙළොන්නාවේ සහ මුතුරාජවෙල මුළු ගබඩා ධාරිතාව 150,000ක් විතරයි. හැබැයි ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එද්දි ගබඩාව හිස් කරගන්න ඕන. ඒ නිසා නැව් එන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමා අපි ඉන්නේ. 103,000ක් ගබඩා පිරිලා තිබුණේ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් පිරිලා. අපි හොඳ සැලැස්මක හිටියා. ඒ අනුව අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා.   

අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා. පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 106,187ක්. අර්බුදය මතුවෙද්දී මෙට්‍රික් ටොන් 136, 270ක ගබඩා ධාරිතාවයක් තිබුණා. අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩාවලින්ම තමා. අපිට තිබුණා නම් වෙනම සංචිත, ආරක්ෂිත ගබඩා කිරීමක් කරන්න වෙනම තොගයක් තිබුණා නම් එය ඔපරේෂන් සඳහා වෙනම පවත්වාගෙන යන්න තිබුණා. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නෑ. ඒ අනුව ඕනෑම මෙහොතකදී අර්බුදයකදී අපට තබාගත හැකි උපරිම ප්‍රමාණය අපි මේ මොහොත් රඳවා ගෙන හිටියා.  

''ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම ලංකාවට බලපානවා '' හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

''ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම ලංකාවට බලපානවා '' හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

පෙට්‍රල් දින 27කට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. 7 හෝ 8 වෙනිදා තවත් නැවක් එනවා මෙට්‍රික් ටොන් 35,000ක. ඔක්කෝම ගත්තහම දින 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රෙටල් සංචිත අපි සතුව තියෙනවා. අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. ගබඩා හිස්වෙන ප්‍රමාණයට තමා තෙල් ගේන්න වෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ  

ගුවන් යානා ඉන්ධන සැපයුම සාමාන්‍ය දෛනික සැපයුම මෙට්‍රික් ටොන් 1,800ක් පමණ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,080ක් හදනවා. ඉතුරු ටික අපි ආනයනය කරනවා. ඔක්කෝම ගත්තහම දින 49කට ගුවන් යානා ඉන්ධන සැපයුම් තියෙනවා. දවස ගතවෙද්දි නැවත ගබඩා හිස්වෙනවා. දැනට අපි නැව් ටික පෙළගස්වා තියෙනවා. RM Park සමාගම 14 වෙනිදා නැවක් එනවා. සිනෝපෙක් නැවක් එනවා 17 වෙනිදා. IOC නැවක් එනවා 21 වෙනිදා. තෙල් සංස්ථා‌වේ නැවක් 28 වෙනිදා එනවා.  

දැන් තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ඇති. අපි තවත් නැවක් ගේන්වා. ඒ නැව තව දින 18කට ඇති. එතකොට අපිට බොරතෙල් දින 44කට බොරතෙල් පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා තෙල්වල කිසිදු අර්බුදයක් නෑ."