කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තියන්නේ නැහැ -ජනපති

Sri Lanka Police Anura Kumara Dissanayaka Sinhala news gagana news
By Mithu Sep 03, 2025 03:41 PM GMT
Mithu

Mithu

Report

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “නීතිය සුරකිමු - සාමය අගයමු” තේමාව යටතේ අද (03) පස්වරුවේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධි අවිආයුධ යෙදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් නොබියව පෙරට එන ලෙස ආරාධනා කරන බවත් පැවසීය.

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

එසේම, පොලිස් නිලධාරින් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පොලිස් නිලධාරින්ගේ ප්‍රමාණය ඉහළ නැංවීම, වැටුප් සහ දීමනා වැඩි කිරීම මෙන්ම, නව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට රජය කැප වී සිටින බවද සඳහන් කළේය.

මුළු රටටම අනතුරු ඇඟවීමක්, ලංකාවෙන් තවත් මාරාන්තික වෛරසයක්

මුළු රටටම අනතුරු ඇඟවීමක්, ලංකාවෙන් තවත් මාරාන්තික වෛරසයක්