මාලිගාවත්තේ පත්තුවුනු වෙඩිල්ල කුඩු සළිඳුගේ වැඩක් බවට සැකයක්

Report

කොළඹ, මාලිගාවත්ත, ජුම්මා මස්ජිද් පාරේ ත්‍රිරෝද රථ අමතර කොටස් අලෙවිසැලක තුළ අද (03) සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසයි.

මෙම සිදුවීමත් සමඟ 2025 වසර තුළ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම් ගණන 92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම සිදුවීම්වලින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් T-56 ගිනි අවියක් භාවිතයෙන් සිදුකර ඇත. එහිදී, වෙළඳසැලේ සේවය කළ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර, එක් වෙඩිල්ලක් එම තරුණයාගේ දකුණු උරහිසට වැදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

කඩේ ඇතුලටම පැනලා වෙඩි තිබ්බ CCTV දර්ශන එළියට

කඩේ ඇතුලටම පැනලා වෙඩි තිබ්බ CCTV දර්ශන එළියට

වෙඩික්කරුවන්ගේ ගමන් බිමන් යෑම සහ වෙඩි තැබීමේ සිදුවීම CCTV කැමරාවල සටහන් වී ඇත. එම දර්ශනවලින් හෙළි වන්නේ, T-56 ගිනි අවිය අතැතිව වෙඩික්කරුවන් කිසිදු බියක් හෝ චකිතයක් නොමැතිව වෙළඳසැලට ඇතුළු වී, වෙඩි තබා පිටව යන ආකාරයයි.

පොලිසිය පවසන පරිදි, තුවාල ලැබූ තරුණයා සේවය කළ වෙළඳසැලේ හිමිකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංඡිපානී ඉම්රාන්ගේ හිතවතෙකු බවට තොරතුරු හෙළි වී ඇත. මෙම වෙඩි තැබීම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ශික ගුණරත්න හෙවත් “කුඩු සළිඳු”ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. කෙසේ වෙතත්, වෙඩික්කරුවන්ගේ අනන්‍යතාව පිළිබඳ තවමත් තොරතුරු අනාවරණය වී නොමැත.

'සොරි ඩොට්කොම්'- ආණ්ඩුව යන්නේ ජේ.ආර්. පාරේ.. මේ ත්‍රාඩ පාලනයට එරෙහි වෙන ජෙහාන් අප්පුහාමි යළි කරලියට

'සොරි ඩොට්කොම්'- ආණ්ඩුව යන්නේ ජේ.ආර්. පාරේ.. මේ ත්‍රාඩ පාලනයට එරෙහි වෙන ජෙහාන් අප්පුහාමි යළි කරලියට

පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන ඇතුළු සාක්ෂි භාවිතයෙන් වෙඩික්කරුවන් හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටී. මෙම වෙඩි තැබීම පාතාල කල්ලි ගැටුම්වල තවත් එක් පියවරක් ලෙස සැලකෙන අතර, කොළඹ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිසිය දැඩි පියවර ගනිමින් සිටී.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

 

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්