තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට පියවර - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

By Shehan Sep 03, 2025 02:13 PM GMT
Shehan

Shehan

Report

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Clean Sri Lanka ලේකම් කාර්යාලය සහ මිනුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනටමත් නුවර වැව, තිස්ස වැව සහ රිදියගම වැවේ රක්ෂිත මායිම් සලකුණු කිරීම ආරම්භ කර ඇත.

වැව් රක්ෂිත සලකුණු කිරීමෙන් පසු, ඒවායේ ඇති නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට සැලසුම් කර ඇත.

මේ වසර තුළ වැව් 23ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර තිබේ.