කජ්ජා ඝාතන කොන්ත්‍රාත්තුව ගැනත්,ඉෂාරා මවගේ මරණයට ලංකාවට එන්න හැදූ හැටිත් මෙන්න

CID - Sri Lanka Police Crime Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 03, 2025 03:00 PM GMT
Shehan

Shehan

Report

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින පාතාල සාමාජිකයන් වන ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ විසින් දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ඇත.

ඇත. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවන මෙම විමර්ශනවලදී, එම ඝාතනවලට ඔවුන්ගේ මැදිහත්වීම තිබූ බව හෙළිදරව් වී තිබේ.

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය: හෙරොයින් තොගයක් ගැන ඔත්තුවක් හේතුවෙන්

පසුගිය පෙබරවාරි 19 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේදී අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ 6 හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුත්‍රයා ඝාතනය කිරීමේ සිදුවීම මෙම ඝාතන අතර ප්‍රධාන තැනක් ගනී. ‘බැකෝ සමන්’ට අයත් රුපියල් කෝටි 35ක් වටිනා හෙරොයින් තොගයක් පිළිබඳව පොලිසියට ඔත්තුවක් ලබාදීම මෙම ත්‍රිත්ව ඝාතනයට හේතු වූ බවට සැක කෙරේ.

‘කජ්ජා’ ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් ඔහු සමඟ යතුරුපැදියේ ගමන් කළ දරු දෙදෙනා ද මියගොස් ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

තෝරයාය ද්විත්ව ඝාතනය : මැලේසියානු පාතාල සාමාජිකයකුගෙන් කොන්ත්‍රාත්තුවක් 

මිද්දෙණිය තෝරයාය කැලෑබද ප්‍රදේශයකදී තවත් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ද ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ විසින් මෙහෙයවා ඇති බව හෙළිවී තිබේ.

මැලේසියාවේ සැඟවී සිටින ‘දරුන්’ නැමැති පාතාල සාමාජිකයා විසින් ලබාදුන් මෙම කොන්ත්‍රාත්තුව, ඔවුන් විසින් දකුණේ වෙඩික්කරුවෙකුට ලබාදී ඇත.

ගංජා තොගයක් ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවීම මෙම ද්විත්ව ඝාතනයට හේතු වූ බව පොලිසිය පවසයි. වෙඩික්කරු සහ ඔහුට සහය වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව ද වාර්තා වේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් අලුත්කඩේ ඝාතනය ගැන තොරතුරු : ඉෂාරා සෙව්වන්දි ඩුබායිහි සැඟවෙයි

‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී අලුත්කඩේ මහාධිකරණයේදී ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමට ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා යෙදවූ බව කියන ‘ඉෂාරා සෙව්වන්දි’ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. ඇය මේ වන විට ඩුබායි රාජ්‍යයට පැනගොස් සැඟවී සිටින බව තහවුරු වී ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ලබාගැනීමට නියමිතය.

මාලිගාවත්තේ පත්තුවුනු වෙඩිල්ල කුඩු සළිඳුගේ වැඩක් බවට සැකයක්

මාලිගාවත්තේ පත්තුවුනු වෙඩිල්ල කුඩු සළිඳුගේ වැඩක් බවට සැකයක්

සිය මව රෝගාතුරව මියගිය අවස්ථාවේදී අවසන් ගෞරව දැක්වීම සඳහා වෙස්වලාගෙන මෙරටට පැමිණීමට ඉෂාරා සෙව්වන්දි උත්සාහ කර ඇති බව ද ‘කෙහෙල්බද්දර පද්මේ’ හෙළිකර තිබේ. එහෙත්, අවමංගල්‍යය අවට බුද්ධි අංශ නිලධාරීන්ගේ දැඩි සෝදිසියක් පවතින බැවින් එම ගමන අවදානම් බව පවසා පද්මේ විසින් ඇයගේ පැමිණීම වළක්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, මෙම අනාවරණයන් තුළින් පාතාල ක්‍රියාකාරකම්වල ජාත්‍යන්තර සම්බන්ධතා හෙළිදරව් වන බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බවත්ය.

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට