ග්‍රීසියේ පාසල් 750ක් වසා දමයි
By Kaushi
ග්‍රීසිය පාසල් 750ක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ නව අධ්‍යයන වර්ෂය තුළ බව සඳහන්.
මෙසේ වසා දැමූ පාසල් සංඛ්‍යාව එරට මුළු පාසල් ගණනින් 5%ක ප්‍රතිශතයක් ලෙස දක්වයි.
අඳාළ වාර්තාවලින් දශක ගණනක් තිස්සේ රටේ උපත් සංඛ්‍යාව පැහැදිලි ලෙස අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ පාසල්වල දරුවන් අඩු වන බව සඳහන්.
එමෙන්ම ග්‍රීසියේ අධ්‍යාපන අමාත්‍යාංශ දත්තවලට අනුව ගෙවුණු වසර 7 තුළදී ප්‍රාථමික අධ්‍යාපනය තුළ සිසුන් 111,000කට වඩා අඩුවී ඇත.
එය 2018 සිට 19%ක බිඳවැටීමකි.
එමෙන්ම මෙම බිඳවැටීම ඉතා වේගවත් වෙමින් ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
