ආණ්ඩුවේ අසමත්කම් සඟවන්න අනීතික දේශපාලන බිය ගැන්වීම් ඉතා බරපතලයි - චමින්ද විජේසිරි
By R.rishma
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසන්නේ, ආණ්ඩුවේ අසාර්ථකත්වයන් වසා ගැනීම සඳහා සිදු කරනු ලබන අනීතික දේශපාලන බිය ගැන්වීම් බරපතල තත්ත්වයකට පත්ව ඇති බවයි.
අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ (JVP) බලයට පැමිණීමට මූලික හේතුව වූයේ, ජාතික ජන බලවේගය (NPP) පිරිසිදු හා යහපත් දේශපාලන මාවතක් ගොඩනගනු ඇතැයි රටේ උගත්, වියත් හා තරුණ ප්‍රජාව තුළ තිබූ විශ්වාසය බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, ඉතිහාසයේ දේශපාලන නායකයන්ගේ තක්කඩිකම් ගැන හඬ නඟමින් සිටි JVP කණ්ඩායම, දැන් එම නායකයන්ටත් වඩා බරපතල මර්දනකාරී ක්‍රියාමාර්ගවල යෙදෙමින් සිටින බවයි.
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු හා බලාපොරොත්තු මත ගොඩනැඟුණු ජනවිශ්වාසය බිඳ දමමින්, ජනතාවට දුන් වචන කඩ කරමින් සිටින බවද මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් අවධාරණය කළේය.