ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නිල රථය ඊයේ රාත්රී පැලවත්ත-අකුරේගොඩ මාර්ගයේදී අනතුරකට ලක්ව ඇත.
අදාල මෝටර් රථය සහ එයට එරෙහිව පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ අතර, එම යතුරුපැදියේ මව, පියා සහ අවුරුදු 2 හා 6 වයස්වල දරුවන් දෙදෙනා ගමන් කරමින් සිටි බව වාර්තා වේ.
අනතුරෙන් තුවාල ලබා සිටි සිවු දෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. ඉන් මව සහ දෙදෙනෙකු වන දරුවන් රිජ්වේ ළමාරෝහලට තවදුරටත් ප්රතිකාර සඳහා මාරු කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ සහ රියදුරු නිල මෝටර් රථයේ සිටි අතර, රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිය.
එමෙන්ම, අධිකරණය විසින් රියදුරුට රු. 35,000ක වන්දි මුදලක් පීඩාවට පත් පවුලට ගෙවන්නැයි නියෝග කර තිබේ.