ජනපති රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දියාවට...

Report

හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය.

ඒ අනුව ජනාධිපතිවරයා දින දෙකක කාලයක් ඉන්දියාවේ රැදී සිටීමට නියමිතය.

මෝදිගේ දිවුරුම් දීම හෙට...

මෝදිගේ දිවුරුම් දීම හෙට...

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුම් දීමේ උළෙලට සහභාගීවන ලෙස ජනාධිපතිවරයාට කළ ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වන්නේ ය.