මෝදිගේ දිවුරුම් දීම හෙට...

Report

හෙට (09) නවදිල්ලි අගනුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත ය. නරේන්ද්‍ර මොදී අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් විය.

දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය පසුගිය දා සමත්වුණි.

අද ශ්‍රීලනිප නව සන්ධාන මංගල ජන රැළිය ඇරඹේ...

අද ශ්‍රීලනිප නව සන්ධාන මංගල ජන රැළිය ඇරඹේ...

මෝදිගේ පක්ෂයද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අඛණ්ඩව ජයගත් තෙවැනි මහමැතිවරණය ලෙස එය වාර්තා අතරට එක් වේ.

ඒ අනුව, හෙට පැවැත්වීමට නියමිත දිවුරුම්දීමේ උත්සවයට රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනක් සහභාගීත් වීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගිවීමට නියමිත ය.

ඒ අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් මෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ද, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ද එක්වීමට නියමිතය.

Starlink බලපත්‍ර ලබාදීම ගැන මහජනතාවගේ අදහස් විමසයි...

Starlink බලපත්‍ර ලබාදීම ගැන මහජනතාවගේ අදහස් විමසයි...

ඒ අනුව, අද සිටම දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇති අතර හෙට, අගනුවර ගුවන්ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.

එමෙන්ම මහජන ඒකරාශී වීම් තහනම් කර ඇති අතර, රාශ්ට්‍රපති බවන් අවට කමාන්ඩෝ නිලධාරීන් සහ ස්නයිපර්වරුන් යොදවා ඇති අතර ඒ අවට ඩ්‍රෝන මගින් නිර්ක්ෂණය කෙරෙන බව ද සඳහන් ය.

මේ අතර, මෝදී ඉන්දීය අගමැති ධුරයට යළි පත්වීම සමරමින් අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නගර 22ක ද විවිධ සැමරුම් සංවිධාන කර ඇති අතර ,ඒ භාරතීය ජනතා පක්ෂයේ විදෙස්ගත සහයෝගීකරුවන්ගේ ප්‍රධානත්වයෙනි.