සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
ආනයනික සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය මඟින් බව සඳහන්.
ඒ අනුව ආනයනික සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අඳාළ ගැසට් නිවේදනය ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නාඩු සහල් රුපියල් 220ක්, සම්බා සහල් රුපියල් 230ක්, කැකුළු සහල් රුපියල් 210ක්, GR11 පොන්නි සම්බා සහල් රුපියල් 240ක් සහ GR 11 කීරි පොන්නි සහල් රුපියල් 225ක් ලෙස දැක්වේ.
මෙසේ වෙළඳපොළේ සහල් මිල ගණන් මෙසේ ස්ථිර කිරීමෙන් පාරිභෝගිකයන්ට අධික මිලට සහල් ලබා ගැනීම වැළැක්වීමට එම අධිකාරිය අපේක්ෂා කරන බව සඳහන්.
එසේම අධිකාරිය සදහන් කරන්නේ වෙළඳපොළේ සහල් මිල අතිශයින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් එය පාරිභෝගිකයන්ගේ ජීවන වියදමට විශාල බලපෑමක් ඇතිව තිබෙන බවයි.
එබැවින් මිල සීමා කිරීමේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමෙන් වෙළඳපොළේ සාධාරණ තත්ත්වයක් පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණයි.