අල්ලපු අයිස් විනාශ කරන එක අපරාදෙනේ - වැඩක් ගන්න අහන හිටපු රාජ්‍ය ඇමති
හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම විසින් මේ රටේ අත්අඩංගුවට ගන්නා අයිස් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා සිදුකරන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියි.
ඒ අනුව ඔහු විමසා සිටින්නේ එම මත්ද්‍රව්‍ය විනාශ නොකොට එමගින් රටට යම් වටිනාකමක් ලබාගත හැකි නොවේද යනුවෙන්.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින්.
ඒ අනුව අඳාළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විමසා සිටියේ ඔබතුමා කියන්නේ අයිස් විකුණන්න දැයි යනුවෙන්.
එම අවස්ථාවේදී අජිත් මාන්නප්පෙරුම මහතා එසේ නම් ආණ්ඩුව ගංජා වවලා විකුණන්න සැලසුම් කරමින් සිටින්නේ යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.