මේ 26 වෙනිදායින් පස්සේ වාසි රැසක්?. මේ දේ ගැන දැනුවත් ද?.

Ranil Wickremesinghe Ravi Karunanayake President of Sri lanka Political Development Latest Headlines
By krishani Jun 23, 2024 03:43 PM GMT
krishani

krishani

Report

ලබන 26 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

මේ 26 වෙනිදායින් පස්සේ වාසි රැසක්?. මේ දේ ගැන දැනුවත් ද?. | President Ranil Wickremesinghe Addresses Nation

ඒ අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බවයි.

අලුත් වෙනසක් - මහ බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.

අලුත් වෙනසක් - මහ බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.


මේ අතර, එකතු කළ අගය මත අය කරනු ලබන බදු අනුපාතය (වැට්) වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී (2023) එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 694.5 දක්වා 50%කින් සැලකිය යුතු අයුරින් වැඩි වී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව 2022 වර්ෂයේ දී එකතු කළ ආදායම මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 463.1ක් වූ අතර 2023 වර්ෂයේ දී එම ආදායම රුපියල් බිලියන 694.5 දක්වා වැඩි වී ඇත.

එමෙන්ම දේශීය ක්‍රියාකාරකම් මත එකතු කළ බද්දෙන් ලද ආදායම 2022 වර්ෂයේ රුපියල් බිලියන 291.6 සිට 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 469.1 දක්වා සියයට 60.9කින් වැඩි වී ඇති අතර ආනයනය මත එකතු කළ බද්දෙන් ලද ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 225.4 දක්වා සියයට 31.4කින් වර්ධනය වී තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%