අලුත් වෙනසක් - මහ බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර ඇති බවයි.
මෙලෙස පත් කර ඇත්තේ ඒ. ඒ. එම්. තාසිම් සහ ජේ. පී. ආර්. කරුණාරත්න යන අයයි.
ඒ අනුව ඒ. ඒ. එම්. තාසිම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, ජේ. පී. ආර්. කරුණාරත්න ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව පාලක මණ්ඩලයේ නිර්දේශය මත මෙම පත්කිරීම මුදල් ඇමතිවරයා විසින් සිදුකළ බවයි මහබැංකුව නිකුත් කර නිවේදනයේ සඳහන් වන්නේ.