පොලිස්පති ධුරයට ජනපති විසින් වැඩබලන පොලිස්පතිගේ නම යෝජනා

Report

නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ (07) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව අපොහොසත් වූ අතර, ඒ පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා (12) ගැනීමට එහිදී තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධුරය සඳහා වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම යෝජනා කර ඇති අතර, එම යෝජනාව රැස්වීමේ අවසන් අවස්ථාවේදී ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ලබන රැස්වීමට කල් තැබීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ජෝන්කීල්ස් වාහන රේගුවෙන් නිදහස් කරන්න එකඟතාවක්

ජෝන්කීල්ස් වාහන රේගුවෙන් නිදහස් කරන්න එකඟතාවක්

"රට පුරා සිටින තරුණ තරුණියන් අනුර ගෝ ගම ආරම්භ කරන්න සුදානම්" - නිරෝෂන් පාදුක්ක

"රට පුරා සිටින තරුණ තරුණියන් අනුර ගෝ ගම ආරම්භ කරන්න සුදානම්" - නිරෝෂන් පාදුක්ක