ජෝන්කීල්ස් වාහන රේගුවෙන් නිදහස් කරන්න එකඟතාවක්
ශ්රී ලංකාවට ආනයනය කර රේගුව භාරයේ රඳවාගෙන තිබූ BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද (07) එකඟතාවය පළ කළේය.
මෙම වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන්කීල්ස් සමාගම විසින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණයේදී සලකා බලන ලද අවස්ථාවේ රේගු අධ්යක්ෂ ජනරාල්වරයා මෙම එකඟතාවය ප්රකාශ කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
ජෝන්කීල්ස් සමාගම පවසන්නේ, තම සුපිරි වෙළඳසැල්වල භාවිතය සඳහා විදුලියෙන් ක්රියාත්මක වන BYD වර්ගයේ වාහන 991ක් ආනයනය කළ බවත්, වාහනවල ධාරිතාව සහ රේගු බදු සම්බන්ධ ගැටලු හේතුවෙන් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එම වාහන මුදා හැරීම ප්රතික්ෂේප කර ඇති බවත්ය.
ඒ අනුව, ජෝන්කීල්ස් සමාගම රේගුව භාරයේ රඳවාගෙන ඇති වාහන මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
පෙත්සම සලකා බලන අවස්ථාවේදී, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා, රේගුව භාරයේ රඳවාගෙන ඇති වාහන 991 කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සලකා බලන බවට ලිපියක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.

සිග්නල් නෑ කියලා හොය හොය දුක් වුණු කාලේ ඉවරයි, කිසි කේස් එකක් නැතුව ඉන්ටර්නෙට් යන්න මෙන්න චාන්ස් එකක්
