"මම අද හවස කච්චතිව් දූපතට යනවා" - තලපති විජේ නිසා ජනපති සීරුවෙන්

Report

පසුගියදා ඉන්දියාවේ දමිළ සිනමාවේ විශිෂ්ටයෙක් වන තිරුපති විජය එක්තරා ප්‍රකාශයක් සිදු කරනවා.ඔහු මේ වන විට දේශපාලන වේදිකාවේ ඡන්ද අපේක්ෂකයෙක් වශයෙන් විවිධ කතා මවන අතර,ඒ අතරතුරේදී ඔහු සඳහන් කරනවා ලංකාවෙ තියෙන කච්චතිව් දූපත ඉන්දියාවට අයිති කරගන්නවා කියන ආකාරයේ ප්‍රකාශයක්.

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

මේ ප්‍රකාශය සමඟ ශ්‍රී ලංකාව තුළ කච්චතිව් දූපත සම්බන්ධයෙන් විවිධ සාකච්ඡාවන් නිර්මාණය වූ අතර අද දින මයිලිඩ්ඩි ධීවර වරායේ තිබූ උත්සවයකට සහභාගි වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පහත ආකාරයටයි.

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී

"විශේෂයෙන් අපේ ධීවර ජනතාවට ඉතා වැදගත් ස්ථානයක් තමයි කච්චතිව් දූපත අද විශාල සංවාදයක් කච්චතීව් දූපත සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා.මම අද හවස කච්චතිව් දූපතට ගිහිල්ලා මෙම ධීවර ජනතාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ අපේ භූමිය දූපතක්ද මහ මුහුද අහසද ගොඩබිමද ආරක්ෂා කිරීම මතු අනාගතයට ආරක්ෂා කොට ලබා ලබාදීම අපේ වගකීම.

ඒ වගකීම ඉටු කරන්න අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන් අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන් අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් ඒ නිසා කිසිම බලපෑමකට යටත් වෙන්නෑ කියන්න මම ඔබට කැමතියි."

යනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය.