මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලබා දෙන්නේ නැහැ- ජනපති

Report

 කිසිදු දිනක තම ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ.

'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ වගේම ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් දුර්වල නිලධාරින් මේ ජාවාරම්කරුවන් සමඟ ඇත්වැල් බැඳගෙන සිටින බවද අනාවරණ වී තිබෙන බවයි.

ඒ වගේම ජනාධිපතිවරයා සදහන් කළේ ඉන් ඉවත් වන ලෙසට යළිත් වරක් තමා ඉල්ලා සිටින බවත් එසේ නොමැති නම් රාජකාරිවලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන බවයි.