කොත්මලේ අනතුරින් විපතට පත් වුවන්ට ජනපති ශෝකය ප්‍රකාශ කරයි

By Hashini May 11, 2025 08:54 AM GMT
Report

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන සිදු වූ බස් රථ අනතුරින් 21 දෙනෙකුට දිවි අහිමි උනා.

එම බස් රථ අනතුර සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම ශෝක පණිවිඩය මඟින් විපතට පත් වුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතින් වෙත ජනාධිපතිවරයා සිය ශෝකය ප්‍රකාශ කරන අතර , තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

රට තුල සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහල යාම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, එම අනතුරු වලක්වා ගැනීම සඳහා ස්ථිර වැඩපිළිවෙලක් සකස් කිරීමට රජය මේ වනවිටත් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා එම ශෝක පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තුවාල ලැබුවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සුදානම් කිරීමටත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබනවා.

කොත්මලේ අනතුරින් විපතට පත් වුවන්ට ජනපති ශෝකය ප්‍රකාශ කරයි | President Expresses Condolences To Those Affected

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර