ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි.(PHOTOS)

Report

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් තලාව - ඒ 28 මාර්ගයේ, 70 කිලෝමීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

අද අලුයම අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි, තලාව පොලිසිය සදහන් කළේ.

සියලුම වාහන වල අංක තහඩු සම්බන්ධයෙන් ගන්න යන විශේෂ තීරණය මෙන්න..

සියලුම වාහන වල අංක තහඩු සම්බන්ධයෙන් ගන්න යන විශේෂ තීරණය මෙන්න..


එම අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු ගමන් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඔවුන් 4 දෙනාම එහිදී තුවාල ලබා තිබූ අතර ඔවුන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකා සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මරුකර යවා ඇත.

You May Like This Video


GalleryGalleryGallery