අදහස් හෝ මත යටපත් කිරීමට අපි හදිසි නීති රෙගුලාසි කිසිවිටෙක භාවිතා කරන්නේ නැහැ - ජනපති
හදිසි නීති රෙගුලාසි යටතේ කිසිසේත්ම මහජන මතය සීමා නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ "අනවශ්‍ය කලබලයක්" පිළිබඳව අදහස් දක්වමින්.
එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හෝ රජය විවේචනාත්මක හෝ අහිතකර අදහස් පිළිබඳව කරදර වන්නේ නැති බවත්, අවශ්‍ය නම් අපහාසාත්මක අන්තර්ගතයන්ට මුහුණ දීමට පවතින සාමාන්‍ය නීති ප්‍රමාණවත් බවත්ය.
ඒ, "අදහස් හෝ මත යටපත් කිරීමට අපි හදිසි නීති රෙගුලාසි කිසිවිටෙක භාවිතා කරන්නේ නැහැ. මට පුද්ගලිකව අපහාසාත්මක ප්‍රකාශ තිබේ නම්, මා පෙර කී පරිදිම, ඒවා සාමාන්‍ය නීති යටතේ කටයුතු කරනු ඇත" යනුවෙන්.
එහෙත් ජාතික ව්‍යසනයක් අතරතුර මහජන සමගියට බාධා කරන, ආපදාවට පත් ප්‍රජාවන් අතර බිය පතුරුවන, හෝ සහන මෙහෙයුම්වලට බාධා කරන ඕනෑම අයෙකුට එරෙහිව හදිසි නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කරන බවට ද ජනාධිපතිවරයා එහිදී අනතුරු අඟවා තිබෙනවා.
ඔහු සඳහන් කළේ එවැනි ක්‍රියා ජාතික අර්බුදයකදී සමාජය අස්ථාවර කිරීමට දරන උත්සාහයන් ලෙස සලකන බවයි.
නියෝජ්‍ය අමාත්‍ය වටගල මීට පෙර පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ ජනාධිපතිවරයා සහ රජයේ අමාත්‍යවරුන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍යවල අසත්‍ය හෝ ද්වේෂ සහගත අන්තර්ගතයන් පතුරුවන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති විධිවිධාන භාවිත කරන ලෙසයි.