ගම්පොළදී දාහක් මැරුණා කියා එළියේදී කිව්වොත් මන්ත්‍රීට නඩු දානවා – ජනාධිපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බවට ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඔහු එලෙසම පිට දී පැවසුවානම් ඔහුට විරුද්ධව නඩු පවරන බවයි.
ජනාධිපතිවරයා සදහන් කළේ, එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ජනතාව වැරදි තොරතුරු ලබා දෙන ලෙස කටයුතු කළ බවයි. ඔහුගේ බොරු ප්‍රකාශ මගින් කිසිවකුට ජනතාව බියට පත් කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතාව මර්දනය කිරීමට හදිසි නීතිය කිසිසේත් යොදා නොගන්නේ යුතු බවත් එක්තරා ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුවත්, එවැනි අනියත බියක් කවුරුන් විසින් හෝ ඇති කර නොගත යුතු බවයි.
තමාට හෝ ආණ්ඩුවට අවලාද නැගුවත් ඒවා තඹේකට මායිම් නොකරන බව සහ අවශ්‍ය නම් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය. ජනාධිපතිවරයා සඳහන් කළේ,ඔවුන්ට අවලාද නැගූ මන්ත්‍රීවරයකු පසුගිය දිනවලදී අධිකරණයෙන් සමාව ලබා ඇති අතර, එම මාසයේදී තවත් එක් මන්ත්‍රීවරයකු සමාව ගැනීමට නියමිත බවත්ය.
එසේම, ස්වාභාවික ව්‍යසනය පාලනය නොකර, ජනතාව භීතියට පත් කිරීම හෝ අසන්සුන්තා ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.