25 උදෑසන සිට සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් කළා - ආනන්ද
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් 25 වෙනි දින උදෑසන සිට සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම සිදුකළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. එසේම එතැන් සිට රජයක් වශයෙන් ගතයුතු සියලු විධිවිධාන ආණ්ඩුව ගෙන ඇති බව ද ඇමතිවරයා අවධාරණය කර ඇත.
ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිසිය සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් එක්ව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන බොහෝ ප්‍රදේශවල කණ්ඩායම් ඉවත් කළ බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ පිරිසක් සිය කැමැත්තෙන් සිය වාසස්ථානවල රැඳී සිටිය ද අනතුරු ඇඟවීම ලද විගස රජයක් ලෙස ගත හැකිව තිබූ උපරිම ක්‍රියාමාර්ග ගත් බවයි.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමින්.
"ව්‍යසනය හමුවේ විපක්ෂ මන්ත්‍රීවරු ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරන්න උත්සාහ කරනවා. ව්‍යසනය කළමනාකරණය කරගන්නට සහයක් දෙනවා නම් විපක්ෂය කළ යුත්තේ එවැනි බොරු තොරතුරු සමාජගත නොකර සිටීමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම කළ නොවැම්බර් 25 වැනිදා සිට රජයක් ලෙස සියලු විධිවිධාන අරගෙන තියෙනවා. ඒ වගේම පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කිරීම් කරමින් විශාල වශයෙන් පිරිස් ඉවත් කරන්න කටයුතු කළා. අනතුරු ඇඟවීම කළ දා සිට රාජ්‍ය ආයතන සක්‍රීයව කටයුතු කළා. එමෙන්ම ජල කළමනාකරණ ආයතන අදාළ කළමනාකරණ කටයුතු කිරීම අරඹා තිබුණා.රට පුරා මුදා ගැනීම සඳහා නාවික හමුදා මෙන්ම පෞද්ගලික අංශයේ බෝට්ටු විශාල වශයෙන් යොදා ගත්තා.බොරු ප්‍රචාර වලට නොරැවටී ඇත්ත ඇති සැටියෙන් දකින ලෙස අප ජනතාවට ආරාධනා කරනවා"