නාමල්ට ඡන්ද ලක්ෂ 40ක්ලු..රනිල්, සජිත් සහ අනුරට ගන්න පුළුවන් ඡන්ද ප්‍රමාණය ගැන විශේෂ හෙළිදරව්වක්..

Anura Kumara Dissanayaka Dullas Alahapperuma Namal Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa
By Aruna Aug 27, 2024 03:14 PM GMT
Aruna

Aruna

Report

සමගි ජන සන්ධානයට එක්ව සිටින නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල උපක්ලපනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 40ක් ලබාගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

හිරු නාලිකාවේ විකාශය වූ සළකුණ දේශපාලන සංවාද සටහනට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ රාත්‍රියේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කිරීමට යොදාගත් සංඛ්‍යා දත්ත විග්‍රහයේ දී මේ බව අනාවරණය කළේ ය.

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රතිඵල ගණනය කොට පුරෝකථනය කිරීමේ ප්‍රමුඛයකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කාර්ය භාරයක් ඉටු කළ මන්ත්‍රීවරයෙක් වනවා.

ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට දැනුම්දීමක්..මේ ගැන දැඩි

ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට දැනුම්දීමක්..මේ ගැන දැඩි


පහත දැක්වෙන්නෙ අදාළ සංවාදයේ සංක්ෂිප්තයකි.

ඩලස් අලහප්පෙරුම මහතා - දැන් බලන්න ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මිලියන 17.1යි. ලක්ෂ 171යි.

ජනාධිපතිවරණයේ දී මීට පෙර ඡන්දය ප්‍රකාශය වෙලා තියෙන්නෙ සියයට 82යි.

අපි උපකල්පනය කළොත් ලක්ෂ 140 ඡන්දය පාවිච්චි කළා කියලා.

සියයට 50ක් අරගෙන ජනාධිපති වෙන්න නම් ලක්ෂ 70ක් ඕන. නිකමට ගණන් හදන්න දැන් ප්‍රධාන අපේක්ෂකයො තුන් දෙනෙක් ඉන්නවා නේ වේදිකාවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා.

චමුදිත සමරවික්‍රම මහතා - නාමල්ව එතනට දාන්නෙ නෑ නේ ?

ඩලස් අලහප්පෙරුම මහතා - අපි ඕන නම් දාමු

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)


චමුදිත සමරවික්‍රම මහතා - ඔබ දාන්නෙ නැත්නම් අපට දාන්න උවමනා නෑ

ඩලස් - රනිල්ට වික්‍රමසිංහ මැතිතුමාට මහ මැතිවරණයේ තිබ්බෙ දෙලක්ෂ හතළිස් නව දාහයි.

මොහොතකට හිත්නන එදා 69 ලක්ෂයක් හම්බවෙච්ච ඡන්දවලින් සියයට 40ක් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ගියොත් ලක්ෂ 30ක් විතරනේ.

මේක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යන්න පුළුවන් උපරිම දුර.

චමුදිත - හැට නව ලක්ෂයෙන් සියයට 40 හදලා නේ ඔබ ලක්ෂ 30ක් කියන්නෙ.

දැන් හැට නවයේ ඉතුරු ඡන්ද ලක්ෂ හතළිහම නාමල්ට යනවා කියලා ද කියන්නෙ ?

ඩලස් - අනුර කුමාර සහෝදරයා හාරලක්ෂ දහ අටදාහයි ගත්තෙ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිතරගයෙන් ඉන්දීය නව සභාපතිවරයෙක්..!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිතරගයෙන් ඉන්දීය නව සභාපතිවරයෙක්..!


ලක්ෂ හැත්තෑවකට යන්න නම් අලුතින් ලක්ෂ 65 ඡන්ද ගන්න ඕන‍ මේක සජිත් ප්‍රේමදාස මහත්මයට ගන්න ඔහුට ලක්ෂ 55ක් තිබුණා.

මුළු රටම ගෝඨාභය රාජපක්ෂ දිනනවා කියලා පිළිගත්ත වෙලාවක තමයි ඔහුට මේ ඡන්ද ලක්ෂ 55 හම්බවෙන්නෙ.

අපි කියමු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ටී.එන්.ඒ ඡන්ද අයින් කරලා ලක්ෂ 45 කියමු.

ඒ කියන්නෙ 45ක් එෆ්.ඩී එකේ තියෙනවා. එහෙම බැලුවම 45 ඉඳන් එක්කෙනෙකුට 25ක් යන්න තියෙන්නෙ.

තව කෙනෙක් 30 ඉඳලා හැත්තෑවට යන්න තියෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා ඔබ කිවුවානේ එහෙම නම් ලක්ෂ හැත්තෑවට යන්න ගෝඨාභය මැතිතුමා ගත්ත ඡන්දෙටත් වඩා තව ලක්ෂයක් ගන්න ඕන

චමුදිත - ඒ කියන්නෙ ?

ඩලස්- ලක්ෂ 70ක් අරන් ජනාධිපති වෙන්න නම්

චමුදිත- නෑ ලක්ෂ 70ක් අරන් ජනාධිපති වෙන්න නම් ඔබ හදපු ගණන් වලට අනුවම ඔහුට යන්න තියෙන්නෙ 40 ඉඳලා 30ක්

ඩලස්- මම කියන්නෙ නාමල් රාජපක්ෂ මැතිතුමා

චමුදිත- ඔව් ඒක තමයි ඇයි දැන් ගෝඨාභයගේ 69 ලක්ෂයෙන් 30ක් ගියොත්. ඔබ රනිල් වික්‍රමසිංහට උපරිමය 30ක් කිව්වා.

එතැන බැලන්ස් එක තමයි නාමල් ඉතුරුවෙනවා කියලා හිතන්න පුළුවන් ලක්ෂ 40

ඩලස්- ඔබ උපකල්පනය කරනවා ද?

චමුදිත - මේක මම උපකල්පනය කරන එක නෙමෙයි ඔබ තුමාම ගත්ත ගාන.

පොළොන්තලාව ගොවිපළේ ඉඩමක් ජෙෆ්රි බාවා පදනමට...

පොළොන්තලාව ගොවිපළේ ඉඩමක් ජෙෆ්රි බාවා පදනමට...


කෙසේවෙතත් මේ ආකාරයට මෙවර මැතිවරණයේ ඡන්ද පදනම ගැන කතාබහට ලක්වුණත් මෙවර ජනාධිපති මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ගැන තවමත් කිසිවෙකුට කල්තියා අනාවැකි ඵල කළ නොහැකි බවත්,ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් කවුරු කුමණ ආකාරයෙන් උපකල්පනය කළ ද මෙරට මීලඟ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ පූර්ණ අයිතිය සහ වගකිම ඇත්තේ මේ රටේ ඡන්දදායකයින් වන ඔබ සතුව බව විශේෂයෙන් මතක්කර දෙන්නෙමු.

මේ අතර හෙට දින උදෑසන චමුදිත සමරවික්‍රම මහතා කොළඹ පොලිස් අපරාද විමර්ශන ඒකකයට පැමිණෙන ලෙසට ද දන්වා තිබෙන බව වාර්තා වනවා.

ReeCha