මාස හතරට තෙල් බිල මිලියන ගණනින් ඉහළට - රට බේරාගන්න පටි තද කරගන්නැයි ජනපති කියයි

Report

මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත්, එහි බලපෑම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දැනෙමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, මේ හේතුවෙන් කෙටි කාලයක් සඳහා රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අඩු කර ගැනීමට සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ආදායම සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩුවීම මගින් ඩොලර් ප්‍රවාහයට බලපෑම් එල්ල වී ඇති බවයි.

ඔහු සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන ආනයන වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 98ක් වූ ඉන්ධන ආනයන වියදම මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.

මේ පසුබිම හමුවේ රුපියලට තෙරපුමක් ඇතිවී ඇති බවත්, ඩොලරයට ඇති ඉල්ලුම වැඩිවී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්ධන භාවිතය අඩු කිරීම, ආනයන සීමා කිරීම සහ අනවශ්‍ය ආනයන වියදම් පාලනය කිරීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය බවද ඔහු පැවසීය.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාවට රතු එළියක් - ආසියාවේ නරකම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි

බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාවට රතු එළියක් - ආසියාවේ නරකම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ආර්ථික කළමනාකරණය සිදුකරමින් සිටින බවත්, මෙම තාවකාලික පීඩනය පාලනය කිරීම සඳහා අදාළ සාකච්ඡා හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්ය.

“මෙය කෙටි කාලයක් පමණක් පවතින තත්ත්වයක්. සියලුදෙනා එක්ව ශක්තිමත්ව මෙයට මුහුණ දෙමු. නැවත විනාශකාරී ආර්ථික තත්ත්වයකට රට ගෙන යාමට කිසිසේත් ඉඩ නොදෙනවා” යනුවෙන්ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?