''ලෝකයම අවදානයෙන්'' - මැද පෙරදිග ආරක්ෂක අර්බුදය හේතුවෙන් ලොව පුරා සිටින අමෙරිකානුවන්ට ගෝලීය අනතුරු ඇඟවීමක්

Report

මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ, මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හේතුවෙන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම මැද පෙරදිග කලාපයෙන් පිටත පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන පවා ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අවස්ථා වාර්තා වී ඇති බවද එහි සඳහන් වේ.

මුළු මැදපෙරදිගම එකම ලේ විලක් කරමින් පස්වරු 5.30ට ඇමරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

මුළු මැදපෙරදිගම එකම ලේ විලක් කරමින් පස්වරු 5.30ට ඇමරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

ඉරානය සහ ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන හෝ අමෙරිකානු ජාතිකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවද එම නිවේදනයෙන් අනතුරු අඟවා ඇත.

මේ අතර, දැනට මැද පෙරදිග රැඳී සිටින අමෙරිකානු පුරවැසියන්ට ගුවන් ගමන් අවලංගු වීම හෝ ගමන් බාධාවලට ලක්වීමේ හැකියාව පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.

එසේම, දැනට මැද පෙරදිගින් පිටත සිටින අමෙරිකානුවන්ට එම කලාපය හරහා සංචාරය කිරීම හෝ ගමන් සැලසුම් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසද අමෙරිකානු රජය වැඩිදුරටත් දැනුම් දී ඇත.

නොනවතින යුධ ගිනි - ඇමරිකානු ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

නොනවතින යුධ ගිනි - ඇමරිකානු ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර