බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාවට රතු එළියක් - ආසියාවේ නරකම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි

Report

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ජාත්‍යන්තර ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව, පසුගිය දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, ඉදිරියේදී තවත් පහත වැටීමක් සිදුවිය හැකි බවද සඳහන් වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ, රුපියල කෙටි කාලයක් තුළ මෙලෙස දැඩි ලෙස අවප්‍රමාණය වීම රටේ ආර්ථිකයට බරපතළ අවදානමක් බවයි.

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කළේ, රුපියලේ අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා වත්මන් රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව කඩිනම් විසඳුම් සෙවිය යුතු බවයි. කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, රුපියලේ මෙම කඩාවැටීම තාවකාලික තත්ත්වයක් වන අතර ජනතාව එයට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවයි. 

සම්පූර්ණ වාර්තාව 

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?