අනුර ජනාධිපති වුණාට පස්සේ මෙරට නිල සංචාරයට ආ පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා.. වහාම ජනපති අනුර X පණිවුඩයකුත් තබයි..
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුව තිබෙනවා.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිවරයා සඳහන් කළේ, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමෙන්, බලශක්ති කේෂ්ත්‍රය සහ ආයෝජන සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගත් බවය.
එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දියාව සහාය ලබාදෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුම්දී ඇත.
කෙසේ වෙතත්, ධීවර, ආර්ථික සහ ජාතික සමගිය සම්බන්ධයෙන් ද ඔවුන් දෙපොළ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
මේ අතර, සිය X ගිණුමේ සටහනක් තබමින් ජයශංකර් මහතා පවසන්නේ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්පදි මුර්මු ගේ සුභාශිංසන ද ශ්‍රී ලංකා ජනපතිවරයාට යොමුකළ බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා අයුරු සහ ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි අයුරු එහිදී සාකච්ඡා කළ බව සඳහන් වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) උදෑසන දිවයිනට පැමිණියේය.
ඒ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙරට නිල සංචාරයක නිරත වන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා වන්නේ ද අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ය.
කෙසේ වෙතත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් 8 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටින බව සඳහන් වේ.