සිවුරට වැහිලා ආයේ බෞද්ධ භික්ෂූන්ට විනය නීති කඩන්න බෑ - තීරණ ගැනීමට ධර්මාධිකරණයක් - ජනපති [VIDEO]
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් හඳුන්වා දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද(27) දින රාජ්‍ය වෙසක් උත්සවය අමතමින්.
මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්
එසේම භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත 'ධර්මාධිකරණයක්' යළි පිහිටුවීමට මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර - තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී ආරම්භ විය. මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භය ''දක්ෂිණා ප්‍රභා'' නමින් නම් කර තිබෙනවා.
එහි සමාරම්භක උත්සවයට විදෙස් තනාපතිවරුන්ද සහභාගී විය.